Thursday, 20 January 2022

සමූහ සන්නිවේදනය හා මහජන සන්නිවේදනය

 සමූහ සන්නිවේදනය (Group Contiunication)


* කිසියම් පිරිසක් හෙවත් සමූහයක් පොදු අරමුණක් ඇති වූ එකට එක් ව සිදු කරන සන්නිවේදනය සමූහ සන්නිවේදනය යි.මෙහි දී සමූහ යන්නෙන් අදහස් වන්නේ කුඩා පිරිසකි. එනම් සීමා සහිත ප්‍රමාණයකින් යුතු

සමූහයකි. සමූහයේ එකිනෙකා සමග පහසුවෙන් සන්නිවේදනයේ යෙදීමේ හැකියාව පවතී.


* මේ නිසා පුද්ගලාන්තර සන්නිවේදනයේ තරම් සමීප බවක් ද ජන සන්නිවේදනය තරම් දුරස්ථ බවක් ද සමුහ සන්නිවේදනයේ නැත.


* සමූහයට එක් වන පිරිස එකිනෙකා හඳුනන්නත් හෝ නොහඳුනන්නන් විය හැක.


*අදාළ අවස්ථාව විධිමත්ව සැලසුම් කර ගැනීමෙන් සමූහ සන්නිවේදනය සාර්ථක කර ගත හැකි ය. එහි දී සන්නිවේදකයාට ඉවහල් කර ගත හැකි විධි ක්‍රම කිහිපයක් පහත දක්වේ.


• පෙර සූදානම්


* අරඹුණු සහගත බව


* අවාචික සන්නිවේදන විධික්‍රම භාවිතය


*විවිධ තාක්ෂණික උපකරණ මෙවලම් භාවිතය


*ප්‍රදීපාගාර උපක්‍රමය


*ආකර්පණීය කතා විලාසය


*ග්‍රාහක  කේන්ද්‍රීය සන්නිවේදනය


*ග්‍රාහක ප්‍රතිචාර පිළිබඳ ව සැලකිලිමත් වීම


*කාල කළමනාකරණය


*ආචාරශීලීභාවය වගකීම හා වගවීම ආදිය මේ අතර වේ.


* සමඟ සන්නිවේදනයේ ප්‍රයෝජන කිහිපයක් පහතින් දක්වේ.


1. සමාජීය පොදු කාර්යයන්වල දී ඉවහල් වීම


2. විවිධ මැති මතාන්දර, අදහස් හා යෝජනා දැන ගැනීමට හැකි වීම


3. පුද්ගල සන්නිවේදන කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසීම

 

4 .සහභාගි වන පිරිසගෙන් ප්‍රතිචාර සහ ප්‍රතිපෝෂණ ලබා ගැනීමට හැකි වීම


5. දැනුම, සම්පත් ආදිය බෙදා හදා ගැනීමේ හැකියාව




මහජන සන්නිවේදනය(Public Conuntunication)


*ජන සමූහයත් වෙත සිදු කරන සන්නිවේදනය මහජන සන්නිවේදනය නම් වේ. ප්‍රසිද්ධ රැස්වීම්, දේශන, විවිධ සැමරුම් උත්සව ආදිය මීට අයත් ය.


*මහජන සන්නිවේදනය සඳහා බොහෝ අවස්ථාවල දී තාක්ෂණික මෙවලම් භාවිත කරනු ලබයි.


*මහජන සන්නිවේදනය සාර්ථක ව සිදු වීමට නම් සන්නිවේදකයා ඉදිරිපත් කරනු ලබන සන්දේශය ග්‍රහණය කර ගැනීමට හැකි සීමාවක ග්‍රාහකයා රැඳී සිටිය යුතුය.


* මහජන සන්නිවේදනයේදී ලැබෙන ප්‍රතිපෝෂණය නිසි ආකාරයෙන් අර්ථකථනය කර ගැනීමට අපහසු විය හැකි අතර ප්‍රතිපෝෂණය ද සීමා සහිත වේ.


* මහජන  සන්නිවේදනය ක්‍රියාත්මක වන්නේ බොහෝ දුරට නිවාස, කාර්යාල වැනි පෞද්ගලික කිහිප දෙනෙකු රැස් වන ස්ථානයක වේ. ශ්‍රවණාගාර, පොදු ජනතාවට ඒකරාශි විය හැකි පොදු ක්‍රිඩාංගණ සහ සම්මන්ත්‍රණශාලා ආදී ස්ථානවල යි.


* යම් කරුණක් පිරිසකට දනුම් දීමට හෝ පොළඹවා ගැනීමට හෝ විනෝදාස්වාදය, සතුට, ප්‍රබෝධය ලබා දීම සඳහා මහජන සන්නිවේදනය යොදා ගත හැකි ය. 

උදා:- මැතිවරණ රැළි සංගීත සංදර්ශන ආදී


* රැස්ව සිටින පිරිසට අදාළ වන පරිදි අන්තර්ගතය සකස් කර ගත හැකි නම් වඩාත් යෝග්‍ය වේ. එය සීමා සහිත පිරිසකට පමණක් අදාල වන විට අන් අයගේ අවධානය ගිලිහෙයි.


* ඇතැම් අවස්ථාවල දී විශාල පිරිසක් ඒකරායී වීම නිසා ඇති වන ව්‍යාකූලත්වය හේතුවෙන් ද අවධානය යොමු කර ගැනීම අපහසු විය හැකි ය.


* මහප්ත සන්නිවේදනයේ දී ග්‍රාහක පිරිස විවිධ ජන කොට්ඨාසයන්ගෙන් සමන්විත විය හැකි


මහජන සන්නිවේදනයේ ප්‍රයෝජන කිහිපයක් පහතින් දැක්වේ.


1 .කිසියම් අරමුණක් සඳහා ජන සමූහයක් පොළඹවා ගැනීමට නැති වීම


2.ප්‍රතිරූප ගොඩ නංවා ගැනීමට උපකාර වීම


3.කිසියම් කේතයක් නිර්මාණය කිරීමට හේතු විම


4.විවිධ පාර්ශවවල අවධානය දිනා ගැනීමට හැකි වීම.


සටහන : සචීරා සත්සරණි 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය 

කැළණිය විශ්වවිද්‍යාලය 


Monday, 10 January 2022

පුද්ගලාන්තර සන්නිවේදනය


 අන්තර්පුද්ගල සන්නිවේදනය(Interpersonal Communication)


* අන්තර්පුද්ගල සන්නිවේදනය යනු පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර සන්දේශ හුවමාරු කර ගැනීමයි (Defleur and Dennis, 2012) 


* පුද්ගයෙන් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකු අතර සිදුවන තොරතුරු හුවමාරුව අන්තර් පුද්ගල සන්නිවේදනය යි (Betger,Churles R., 2008)


* අන්තර්පුද්ගල සන්නිවේදනය සිදු වීමේදී වීමේ දී ඒ අතර සිටින දෙදෙනෙකු අතර

වුව ද සන්නිවේදනයක් සිදු විය හැකි ය. 

එය යුගල (dyadic) සන්නිවේදනය යි. 


* විවිධ අරමුණු පෙරදැරි ව දෛනිත සන්නිවේදනයේ දී සෑම පුද්ගලයෙකුට ම බොහෝ අවස්ථාවල


ද අන්තර්පුද්ගල සන්නිවේදනයේ යෙදීමට සිදු වේ. මෙය පිහිප ආකාරයකට සිදු වේ.


1. මුහුණට මුහුණලා කෙරෙන පුද්ගලාන්තර සන්නිවේදනය


1. යන්ත්‍ර සහායක පුද්ගලාන්තර සන්නිවේදනය


* මෙහි සන්නිවේදනයේ දී සන්නිවේදකයා තරමටම ග්‍රාහකයා ද වැදගත් වෙයි.


* අන්තර්පුද්ගල සන්නිවේදනය මුලික වූ සමාජ සම්බන්ධතා ගොඩනැගෙයි.


* අන්තර්පුද්ගල සන්නිවේදනය මුහුණට මුහුණලා සිදු වීමේ දී වාචික හා අවාචික

සන්නිවේදන විධි ක්‍රම භාවිත කළ හැකි වේ. මෙහි දී බාධක අවම කරගත හැකි ය. 


*අන්‍යෝන්‍ය අවබෝධයෙන් මෙන් ම ආචාරශීලී ව සන්නිවේදනයේ යෙදීමෙන් දෙපාර්ශ්වයට ඵලදායි ප්‍රතිඵල ලබා ගත හැකි ය.


* අන්තර්පුද්ගල සන්නිවේදනයේ ප්‍රයෝජන කිහිපයක් පහතින් දක්වේ.


1. වඩාත් පහසුවෙන් අන්තර් ක්‍රියාකාරී (Interactive) සන්නිවේදනයක යෙදීමට ඇති හැකියාව


2. අනෙකුත් සන්නිවේදන වර්ගයන්ට සාපේක්ෂ ව පෙළඹවීමේ හැකියාව වැඩි වීම


5. අන්තර් සම්බන්ධතා වර්ධනය කර ගැනීමට හැකි වීම


4. පහසුවෙන් අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය තහවුරු කර ගත හැකි වීම


5, වඩාත් පහසු සන්නිවේදනයකට  අවකාශය සැලසීම.

සටහන : - සචීරා සත්සරණි 

ජන සන්නිවේදනය අධ්‍යයන අංශය 

කැළණිය විශ්වවිද්‍යාලය 


Tuesday, 30 November 2021

සන්නිවේදනය වර්ගීකරණය


 සන්නිවේදන වර්ගීකරණය 


1. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය (Intrapersonal Communication)

2. අන්තර්පුද්ගල සන්නිවේදනය (Interpersotial Communication)

3. සමුහ සන්නිවේදනය (Group Connuitnicatisti)

4 මහජන සන්නිවේදනය (Public Cotninnunication)

5. ජන සන්නිවේදනය (Miss Communication)

6, අතථ්‍ය සන්නිවේදනය (Virtual Conumunication)


 සන්නිවේදන වර්ග යන්නට ඉංග්‍රීසි භාෂාවේ "Types of Contnmunication " ලෙස භාවිත වේ.


1. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය(Intrapersonal Communication)


* තමා තමා සමග ම සිදු කරනු ලබන සන්නිවේදනය අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය යි. සෑම පුද්ගලයකු ම තම මතස හා සම්බන්ධ වෙමින් සන්නිවේදනයේ යෙදෙයි.

* අපගේ පංච ඉන්ද්‍රියයන් වන ඇස පත නාසය, දිව, සම යන ඉන්ද්‍රියයනට දනෙන රූපයද ගන්ධ, රස, ස්පර්ශ යන උත්තේජනයන්ට ප්‍රතික්‍රියා දැක්වීම මෙහි දී ප්‍රධාන වේ.

*පුද්ගල මනෝභාවයත්, පෞද්ගලික අත්දැකීම්, පෞද්ගලික අවශ්‍යතා හා සංකල්ප තමත් විසින් ම තමත් තුළ විමර්ශනයට ලක් කිරීම මෙහි දී සිදු වේ.

*විවිධාකාර මූලාශ්‍රයයන් හරහා අප වෙත ලැබෙන්නා වූ තොරතුරු පදනම් කරගෙන අප තුළ ම සංවාදයක් ගොඩ නැඟේ. මෙය සිදු වන්නේ අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය මඟිනි. එය තීරණ ගැනීමට පුද්ගලයාට ඉවහල් වේ.

* ස්ව සංකල්පය ගොඩ නැගීමට අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය උපකාර වේ.

*තම මහස අභ්‍යන්තරයේ සිදු වන සන්නිවේදනයක් බැවින් බහු පුද්ගල සබඳතාවක් දක්නට නොලැබේ.

* අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ දී පුද්ගල ස්මෘතික ශක්තිය වැදගත් වේ.

* සංජාතනය අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ මූලිකාංගයකි. 

* අතැම් අවස්ථාවල දී අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය පුද්ගල චර්යා හා ඉරියවු වලින් දැනගත හැකි වේ. 

* අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ ප්‍රයෝජන කිහිපයක් පහතින් දක්වේ.


1. පෞරුෂ වර්ධනයට


2.ස්ව සංකල්ප පෝෂණයට 


3 චින්තනය ගොඩ නංවා ගැනීමට


4. මතක තබා ගැනීම සඳහා


5. තීරණ ගැනීමට


6. විචාරශීලිත්වය වර්ධනය කර ගැනීමට


7. නිර්මාණශීලීත්වය ඔප් නංවා ගැනීමට


සටහන : සචීරා සත්සරණි 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය 

කැළණිය විශ්වවිද්‍යාලය 

Thursday, 18 November 2021

සන්නිවේදනයේ කාර්‍යයන්


 සන්නිවේදනයේ කාර්යයන් 


සන්නිවේදනය මඟින් මූලික කාර්ය 04ක් ඉටු කෙරෙන බට එය ශාස්ත්‍රීය විෂයයක් ලෙස

වර්ධනය වීම ආරම්භ වූ මුල් යුගයේ සිට ම පිළිගනු ලැබිණ. 


එම කාර්යය 04 නම්,


* තොරතුරු සම්පාදනය

*උපදස් සම්පාදනය  හා අධ්‍යාපනය

*පෙළඹවීම

*විනෝදාස්වාද සම්පාදනය


මෙම කාර්යයක් වෙන වෙන ම ගෙන සාකච්ඡාවට බදුන් කළ හැකි නමුදු ඇතැම් විට එකිනෙක අතර සමීප සම්බන්ධතාවක් පෙන්නුම් කරයි. නිදසුනක් ලෙස උපදෙස් සමුපාදනයේ දී තොරතුරු සම්පාදනය හා විනෝදාස්වාද සම්පාදනය කාර්යන් ද සිදු විය හැකි ය. කෙසේ නමුත් මෙහි කාර්යයන් කේවල ලෙස සලකා බැලීමෙන් වඩාත් ගැඹුරින් ඒවා අවබෝධ කර ගැනීමට අවස්ථාව සැලසෙයි. 


~ තොරතුරු සම්පාදනය/අධ්‍යාපනය


සෑම සන්දේශයක්ම තොරතුරක් ලෙස සැලකිය හැකි අතර සෑම සන්නිවේදන අවස්ථාවක දී ම අඩු වැඩි වශයෙන් යම් ආකාරයක තොරතුරු සම්පාදනයක් සිදු වේ. තොරතුරු සම්පාදන කාර්යය ගුණාත්මක බවින් වඩාත් ඉහළ අගයක් ගන්නේ එකී තොරතුරුවල නිරවද්‍යතාව වඩාත් ඉහළ මට්ටමක පැවතීම මත යි.ලිපියක් ලබා දීම, භාණ්ඩයක මිල ගණත් පැවසීම, රැකියාවක් සඳහා ඉල්ලුම් කිරීමේ දී ජීව දත්ත පත්‍රිකාවක් ලබා දීම, මාර්ග ආලෝක සංඥා මඟින් නැවතීමට හෝ පිටත් වීමට දන්වා සිටීම ආදි වූ විවිධ අවස්ථා රැසක් තොරතුරු සම්පාදන කාර්යය හා සම්බන්ධ අවස්තා ලෙස දැක්වීමට හැකි ය.එලෙසම අපට දුරකථන නාමාවලි, පත්ති නම් ලැයිස්තු, භූගෝලීය සිතියම්,කාටූන් වැනි දෙයින්ද

සිදු කෙරෙන්නේ ඉහතින් සඳහන් කළ තොරතුරු සම්පාදන කාර්යයට අදාළ ඒවා ය.


තොරතුරු සම්පාදනය විවිධ ආකාරයයන් සිදු විය හැකි බව මේ අනුව පෙනී යයි. එසේ ම වත්මන් කාල වකවානුවෙහි තොරතුරු සම්පාදන කාර්යය බොහෝ දුරට වාණිජ මුහුණුවරක් යක් ලාභ උපයන ක්‍රියාවලියක් බවට පත් ව තිබේ.


~උපදෙස් සම්පාදනය/අධ්‍යාපනය


මෙහි දී ද තොරතුරු සම්පාදනයක් මුලික වශයෙන් සිදු වන නමුත් ඉන් ඔබ්බට ගිය ක්‍රියාකාරි ස්වභාවයක් උසුලන්නා වූ යමක් ද සිදු වෙනු දැකිය හැකි ය. එය හු කරුණු දැක්වීමකට සීමා නො වී ඒවායේ කිසියම් සංවිධානාත්මක හෝ අර්ථකථනාත්මක ඉදිරිපත් කිරීමක් පෙන්නුම් කරයි. පරිගණකයක් භාවිත කර ලිපියක් සකස් කර ගත්තේ කෙසේ දැයි ඔබ තවත් අයෙකු දැනුවත් කිරීම නිදසුනක් ලෙස ගනිමු එය උපදෙස් සම්පාදනයකි. ඔබ එහි දී පරිගණකය සම්බන්ධ මූලික තොරතුරුවලට අමතර වී එම කාර්ය සිදු කරන අයුරු ඊට සම්බන්ධ විවිධ මෙවලම්වල ක්‍රියාකාරීත්වය ආදිය පැහැදිලි කරමින් සංවිධානාත්මක ඉදිරිපත් කිරීමක නියැලෙන්නෙහි ය. එය තොරතුරු සම්පාදනයෙන් ඔබ්බට ගිය උපදෙස් සම්පාදනයක් නැතහොත් අධ්‍යාපන කාර්යයක් වන්නේ එහෙයිනි. දේශන, වැඩමුළු, සම්මන්ත්‍රණ, පෙළ පොත් ආදිය මගින් මූලික වශයෙන් සිදු කරනුයේ අධ්‍යාපන කාර්යයක් බව යම් අනුව පැහැදිලි විය යුතු ය.


~පෙලඹවීම.


සමහර සන්දේශ මඟින් යමෙකු සිතන පතන ආකාරයේ හෝ කටයුතු කරන ආකාරයේ වෙනසක්  සිදු කිරිම අරමුණු කරයි. එනම් ආකල්පමය හෝ චර්යාමය වෙනසක් ඇති කිරීම යි. මෙය පෙළඹවීමයි. එදිනෙදා විවිධ කටයුතු සඳහා තවත් පාර්ශ්වයක සහභාගිත්වය අවශ්‍ය වන අවස්ථාවල දී  එය සිදු වෙයි.

බොහෝ විට සිතා මතා සැලසුම් සහගත වූ දේ ක්‍රියාත්මක  කරනු ලබයි.කථනය, ලේඛතය, රූපමය ඉදිරිපත් කිරීම ආදී විවිධ වූ උපාය උපක්‍රම මේ සඳහා යොදා ගත හැකි වේ. එමෙන් ම අවශ්‍යතාව, අවස්ථාව, අදාළ බව වැනි අනෙකුත් වැදගත් සාධක පිළිබඳ ව ද අවධානය යොමු කරමින් වඩාත් සංවිධානාත්මක ව ඉදිරිපත් කිරීම මත මෙහි සාර්ථකත්වය රඳා පවතී. නිදසුන් ලෙස වෙළෙඳ දැන්වීම දැක්විය හැකි ය.


~විනෝදාස්වාද සම්පාදනය


සන්නිවේදන කාර්යයන් අතර විනෝදාස්වාද සම්පාදනය ද වැදගත් වූවකි. සන්නිවේදනය සමග විනෝදය එකතු වූ විට එය වඩාත් සිත්ගන්නා වූ අත්දැකීමක් බවට පත් වේ. ඉහතින් දක්වන ලද කවර සන්නිවේදන කාර්යයක් වුව ද ආකර්ෂණීය ලෙස හා ආයාසයකින් තොර වී සිදු කිරීමට විනෝදාස්වාදය යොදා ගත හැකි ය. සන්නිවේදන අවස්ථාවට උචිත ලෙස හාස්‍ය මුසු කර ගැනීමේ අපූරු කුසලතාව හොඳ සන්නිවේදකයෙකු සතුව නිතැතින් ම පවතී. දෙදෙනෙකු අතර සංවාදයක දී, පිරිස අමතා කරන දේශනයක දී මෙන් ම ලිඛිත සන්නිවේදන අවස්ථාවක දී පවා මෙම කුසලතාව අතිශය ප්‍රයෝජනවත් ය. අතිශය කාර්යය බහුල, ආතතියෙන් පිරි ජීවිතයක් ගත කරන සමාජයේ සාමාජිකයන්ට මෙය එක්තරා අයුරකින් ඉවල් වීමක් හා සැහැල්ලුවත් ගෙන දෙන්නකි. කෙසේ නමුත් සන්නිවේදනයේ දී මෙහි සීමාවන් පිළිබඳ ව අවබෝධයෙන් කටයුතු කිරීම ද වැදගත් ය.


ජනමාධ්‍ය බිහි වීමත් සමඟ සන්නිවේදන ක්‍රියාවලිය තව තවත් පුළුල් විය. විශාල පිරිසකට එක වර තොරතුරු සන්නිවේදනය කිරීමට මේ නිසා හැකි විය. පහත දැක්වෙන්නේ ඉහප දත් වූ කාර්යයන්ට අමතර ව ජන සන්නිවේදනයට ම විශේෂිත වූ කාර්යයන් ය. හසර වන පාඩුයම ජනමාධ්‍ය පිළිබඳ විග්‍රහ වන අවස්ථාවේ රෑමම කරුණු පිළිබඳ වැඩි දුර විස්තර ඇතුළත්.


* සුපරීක්‍ෂණ

*අර්ථකථනය

* සහසම්බන්ධය

* සමාජානුයෝජනය


සටහන : සචීරා සත්සරණි 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය 

කැලණිය විශ්වවිද්‍යාලය

Sunday, 31 October 2021

සන්නිවේදන නිර්වචන


 සන්නිවේදනය පිළිබඳ නිර්වචන


සන්නිවේදනය පිළිබඳ ව මුලිත අවබෝධයක් ලැබීමට ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නිර්වචන ඉතා ප්‍රයෝජනවත්ය. විවිධ විද්වතුන් හා අයතනික සංවිධාන මගින් ඉදිරිපත් කර ඇති සන්නිවේදනය පිළිබඳ නිර්වචන අතර සාම්‍යයක් දක්නට නොලැබුණ ද ඒවා මඟින් ඉදිරිපත් කෙරෙන මූලික සාධක පිළිබඳ ව අවධානය යොමු කිරීමෙන් සන්නිවේදනය සම්බන්ධයෙන් වඩාත් අර්ථවත් විවරණයක් සපයා ගත හැකි වේ.


සන්නිවේදනය පිළිබඳ හැරල්ඩ් ඩී. ලැස්වෙල්ගේ (Harold D 1 asswell) නිර්වචනය - 1948


"යම් කිසිවෙකු යම් කිසිවත්, කිසියම් නාලිකාවකින් යම් කිපිවෙකුට කිසියම් බලපෑමක් කිරීම සදහා ප්‍රකාශ කරනු ලබන දෙය සන්නිවේදනය යි"


සන්නිවේදනය පිළිබඳ ෂැනොන් සහ වීවර්ගේ නිර්වචනය (Shannon and Weaver) 


''සන්නිවේදනය යනු යම් තැනක දී නිර්මාණය කර ගත් තෝරාගත් පණිවිඩයක් ඒ ආකාරයෙන්ම හෝ ඊට සමාන ලෙස වෙනත් තැනක දී ප්‍රතිනිර්මාණය කිරීමයි"


* සන්නිවේදනය පිළිබඳ විල්බර්ශ්‍රාම්ගේනිර්වචනය - 1954 ( Wilbur Sehrarim)


"තොරතුරු ගැමි වූ සංඥාවක් කරණ කොට ගෙන දෙපාර්ශ්වයක් අතර එක හා සමාන

චිත්ත ස්වභාවයක් ඇති වීම සන්නිවේදනය යි"


සන්නිවේදනය පිළිබඳ වාල්ස් කුලීගේ නිර්වචනය " (Charles Hortiti Coley) 


" මානව සම්බන්ධතා රඳවා සිටින්නා වූත්, වර්ධනය කරන්නා වූත්, සියලු සංකේත මෙන් ම, ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත්, කාලයේ බැඳුම්වලින් ඔබ්බොට ගොස් සුරක්ෂිත කර ගැනීමටත් උපකාරි වන උපක්‍රම සන්නිවේදනය යි."


ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ නිර්වචනය


"අදහස, දනුම යනාදිය භාෂණය හෝ ලේඛනය හෝ සංඥා මගින් ප්‍රදානය කිරීම, ප්‍රකාශ කිරීම හෝ හුවමාරු කර ගැනීම සන්නිවේදනය යි"


සටහන : සචීරා සත්සරණි 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය 

කැළණිය විශ්වවිද්‍යාලය 

Saturday, 23 October 2021

සන්නිවේදනයේ මූලිකාංග


 *සන්නිවේදකයා

තවත් පාර්ශ්වයක් සමග අතරතුරු, අදහස්, මත, ආකල්ප ආදිය හුවමාරු කර ගන්නා තැනැත්තා සන්නිවේදකයා ය.පුද්ගලයෙකු පමණක් නොව අවස්ථානුකූ ව කණ්ඩායමක්, සංවිධානයක්, ආයතනයක් වුව ද සන්නිවේදක ස්ථානය නියෝජනය කළ හැකි ය. සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳ සැලකිය යුතු මට්ටමක පාලනයක් කිරීමේ හැකියාව, සන්නිවේදකයා සතු වේ.


*ආකේතකරණය 

සෑම සන්නිවේදන ක්‍රියාවලියක දී ම සිදු වේ. මෙය මානව සන්නිවේදනය ඇසුරින් තේරුම් ගැනීම පහසු වේ. අපගේ සිතේ ඇති වන අදහස්, හැඟීම් තව අයෙකු හා සන්නිවේදනය කිරීම සඳහා සංකේත උපයෝගී කර ගනිමින් සන්දේශ බවට පරිවර්තනය කළ යුතු ය. මෙම ක්‍රියාවලිය ආකේතකරණය යි.


* සන්දේශය

සන්නිවේදකයා අනෙක් පාර්ශ්වය සමඟ හුවමාරු කර ගන්නා තොරතුර සන්දේශය යි. එය අදහසක් මතයක් ආකල්පයක් වැනි විවිධ ස්වරූපයක් ගැනීමට ඉඩ තිබේ. පණිවිඩයක් හැමවිට ම සංකේත ඇසුරින් ගොඩ නැඟේ. සංකේත යන්ත වචන, ශබ්ද, වර්ණ, හැඩ රුව ආදි වශයෙන් විවිධාකාර විය හැකි ය. ඒවා තෝරා ගැනීම පරිස්සමෙන් පිදු කළ යුතු වෙයි. මත් ද, සංකේත වැරදුණහොත් පණිවිඩය ද වැරදීමට ඉඩ ඇති හෙයිනි.


* නාලිකාව /මාධ්‍යය

සන්නිවේදක ස්ථානයේ සිට අපේක්ෂිත පාර්ශ්වය වෙත සන්දේශය ගෙන යනු ලබන්නේ නාලිකාව මඟිනි.සාමාන්‍යයෙන් එදිනෙදා සන්නිවේදනයේ දී භාවිත කරන නාලිකා වන්නේ පංචේන්ද්‍රිය යි. ඒ අතරින් ඇස (දැකීම) සහ කන (ඇසීම) බහුල ලෙස යොදා ගැනේ. තාක්ෂණයේ ආගමනයත් සමඟ මෙකී තාලිකා මාධ්‍ය වල සිදු ව ඇති පරිවර්තනයන් හඳුනා ගැනීම අතිශය වැදගත් වේ.


*ග්‍රාහකයා

සන්නිවේදකයා විසින් සිය සන්දේශය හුවමාරු කර ගැනීමේ අපේක්ෂාව ඇති වී එය ඉදිරිපත් කරනු ලබන්නේ කවරකු වෙත ද ග්‍රාහකයා යි. ග්‍රාහකයන් විශාල ප්‍රමාණයක් ඇති විට ඒ හැම දෙනා ග්‍රාහක ක්ෂේත්‍රය ලෙස හඳුන්වනු ලැබේ. සන්නිවේදන ක්‍රියාවලියෙහි දී ග්‍රාහකයා ද පන්නිවේදකයා හා සමාන වැදගත් බවත් උසුලයි.


*විකේතකරණය

සියලු සන්නිවේදන ක්‍රියාවලියන්හි දැකිය හැකි වේ. මෙය මානව සන්නිවේදනය ක්‍රියාවලියේ දී සිදු වන ආකාරය විමසා බැලීමෙන් පැහැදිලි කරගත හැකි ය. අප වෙත ලැබෙන සන්දේශයක් සමන්විත ව ඇත්තේ සංකේතවලිනි. එම සංකේතවලින් කියවෙන දේ අවබෝධ කර ගැනීම සඳහා සංකේත අර්ථකථනය කර ගත යුතු ය. එසේ ඉදිරිපත් වන සන්දේශයෙහි අන්තර්ගත සන්දේශ අර්ථකථනය කර එමඟින් ඉදිරිපත් කෙරෙන අර්ථය අවබෝධ කර ගැනීමේ ක්‍රියාවලිය විකේතකරණය ලෙස හැඳින්වේ.


* ප්‍රතිපෝෂණය

සන්නිවේදකයා සන්දේශයක් ලබා දුන් පසු ග්‍රාහකයා ඒ සම්බන්ධයෙන් සන්නිවේදකයා වෙත ලබා දෙන නිරික්ෂණය කළ හැකි ආකාරයේ ප්‍රතිචාරය හඳුන්වත්තේ ප්‍රතිපෝෂණය යනුවෙනි. සන්නිවේදන ක්‍රියාවලියේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ප්‍රතිපෝෂණය අතිශ ප්‍රයෝජනවත් ය. ලැබෙන ප්‍රතිපෝෂණයට අනුව සන්නිවේදයේ ගුණාත්මක බව තවදුරට ඉහළ නංවාලීමට අවශ්‍ය වන පියවර ගත හැකි වේ.


තව ද ප්‍රතිපෝෂණය ධනාත්මක හෝ සෘණාත්මක විය හැකි අතර ප්‍රතිපෝෂණය ලැබීමට ගත වන කාලය අනුව එය ක්ෂණික හෝ ප්‍රමාද ප්‍රතිපෝෂණයක් ලෙස හඳුනා ගැනීමට පුළුවන.


*ඝෝෂා/ බාධක

සන්නිවේදක ස්ථානයේ සිට ග්‍රාහක ස්ථානය දක්වා සන්දේශය සම්ප්‍රේෂණය වීමේ දී ඊට අවහිර වන ලෙස මැදිහත් වන ඕනෑම තත්වයක් ඝෝසාවක් හෙවත් බාධාවක් ලෙස හැඳින්වේ. ප්‍රධාන බාධක වර්ග දෙකකි. 

01)මාධ්‍ය බාධක 

නාලිකාව හා සම්බන්ධ බාධක ( නාලිකාවේ හෙවත් මාධ්‍යයේඇති වන දෝෂ සහගත තත්ත්වයන් නිසා ඇති වේ)

02)අර්ථ බාධක - සන්දේශයේ අර්ථය හරි හැටි ග්‍රහණය කර ගැනීමට නොහැකි වන විට උද්ගත වේ.


ඉහත සඳහන් ප්‍රධාන බාධක ඝෝෂා වර්ග දෙකට අතිරේකව තවත් කිහිපයත් සමහර පෙළ පොත්වල ඇතුළත් ව තිබේ. ඒවා නම් පාරිසරිකබාධක, තාක්ෂණික බාධක,මානසික බාධක ආදිය යි. මේවා ද බොහෝ විට ඉහත සඳහන් ප්‍රධාන බාධක වර්ගවලින් එකකට අයත් වේ.


* අත්දැකීම් පසුතලය

පුද්ගලයා සතු පූර්ව අත්දැකීම් සමූහය මෙමඟින් අදහස් කෙයර්, සන්නිවේදක ග්‍රාහක පාර්ශව අතර සමාන ආකාරයේ පූර්ව අත්දැකීම් වැඩි ප්‍රමාණයක් ඇති විට සන්නිවේදන කාර්ය පහසු වේ.


*සන්දර්භය

මෙමගින් අදහස් කෙරෙන්නේ අදාළ සන්නිවේදන ක්‍රියාවලිය සිදු වන්නා වූ වටපිටාව යි. සන්දර්භය පැහැදිලි ලෙස ම සන්නිවේදන ක්‍රියාවලිය මත බලපෑම් ඇති කරයි. හොඳ සන්නිවේදකයෙක් හැම විට ම සිය සන්නිවේදනය ඊට පාදක වන සන්දර්භයට උචිත ලෙස සකස් කර ගනියි. මෙසේ ඊට අනුගත නොවීම විවිධ සන්නිවේදන ගැටලුවලට හේතු විය හැකි ය.


*බලපෑම

සෑම සන්නිවේදනයක් ම කිසියම් බලපෑමක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් සිදු කෙරේ. එකී බලපෑමේ ස්වභාවය විවිධාකාර වන්නට පුළුවන. වරෙක එය ආකල්පමය හෝ චර්යාමය හෝ වෙනසක් ඇති කිරීම ඉලක්ක කර සිදු කරන සන්නිවේදනයක් විය හැකි අතර ලාභය වැනි මූල්‍ය ප්‍රතිලාභයක් අරමුණු කර ගත හැකි ය. කෙසේ නමුත් සන්නිවේදන ක්‍රියාවලියේ සාර්ථකත්වය තීරණය වන්නේ අපේ හිත බලපෑම සාක්ෂාත් කර ගත්තේ ද යන්න මත යි.


සටහන :සචීරා සත්සරණි 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැළණිය විශ්වවිද්‍යාලය 

Thursday, 14 October 2021

සන්නිවේදනයෙහි ස්වභාවය

 සන්නිවේදනයෙහි ස්වභාවය




*සන්නිවේදනය අරමුණු සහගත ය.

අප ඕනෑම අවස්ථාවක දී සන්නිවේදනයේ යෙදෙන්නේ කිසියම් අරමුණක් ඇතිවයි. තොරතුරක් ලබා දීම හෝ ලබා ගැනීම, කුතුහලය සමනය කර ගැනීම, වින්දනයක් ලබා ගැනීම වැනි කවර හෝ අරමුණක් එකී සන්නිවේදනය පිටුපස ඇති බව පැහැදිලි ය. තොරතුරු ලබා දෙන පාර්ශවය හා ලබා ගන්නා පාර්ශවය අතර මෙම අරමුණ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇත්නම් සන්නිවේදනය සාර්ථක වීමට ඉඩ තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් පරස්පරතා පවතී නම් ගැටලුකාරී තත්වයක් උද්ගත විය හැකි ය.


* සන්නිවේදනය සංකේතාත්මකය.

සන්නිවේදනය යනු සංකේතාත්මක ක්‍රියාකාරීත්වයකි. තොරතුරක් නැතහොත් සන්දේශයක් යනු සංකේතවලින් සමන්විත වූවකි. මේ අනුව වචන, සංඥා, ලකුණු, මුද්‍රා, ඉඟි, සිතියම්, සිතුවම්, අකුරු පමණක් නො ව සැලකිය යුතු බොහෝ දේය. විවිධ වූ  සංකේත තෝරා ගැනීම ඉතා පරෙස්සමිත් සිදු කළ යුතු කාර්යයකි. කේත සංකේත තෝරා ගැනීම වැරදුණහොත් වෙනත් අර්ථයක් ඇති වී සන්දේශය ව්‍යාකූල වන බවක් දැකිය හැකිය.


*සන්නිවේදනය සන්දර්භානුයත ය.

කවර හෝ සන්නිවේදනයක් සිදු වන්නේ කිසියම් සන්දර්භයක් තුළ යි. මෙමඟින් අදහස් කෙරෙන් අදාළ සන්නිවේදන සිදු වන රටාව නැතහොත් 'පරිසරය' යි. සන්නිවේදන කාර්යය හා සන්දර්භය අතර සෘජු සම්බන්ධතාවක් පවතී. සන්දර්භයට ගැළපෙන ලෙස සන්නිවේදන කාර්යය සකස් විය යුතු වේ. නිදසුනක් ලෙස අවමංගල්‍යය උත්සවයකදී එයට  අදාළ සත්දර්භය අනුව කටයුතු සිදු කර යුතුය.ඊට අදාළ වූ සන්නිවේදනයන් සිදු වන ආකාරය විමසා බැලීමෙන් මෙකී තත්වයන් පැහැදිලි කර ගත හැකි වේ.


*සන්නිවේදනය ක්‍රියාපටිපාටියකි.

සන්නිවේදනය කිසි විටකත් හුදෙකලාව පවතින වෙනස් නොවන දෙයක් නො වේ. එය නිරන්තරයෙන් කාලයත් සමඟ වෙනස් වෙයි. එනිසා ම පන්නිවේදනය පිළිබඳ අධ්‍යයනය කිරීම හුදු භාණ්ඩයක් පිළිබඳ ව අධ්‍යයනය කිරීමට වඩා වෙනස් වූවකි. සන්නිවේදනය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී ඒ හා සම්බන්ධ තවත් සාධක බොහොමයක් පිළිබඳ ව අවධානය යොමු කිරීමට සිදු වේ.


ඕනෑම සන්නිවේදන අවස්ථාවක කිසියම් ක්‍රියාවලියක් සිදු වේ.එම ක්‍රියාවලිය හා සම්බන්ධ සිතීම, සැලසුම් කිරිම, ලිවීම, සංස්කරණය කිරීම, නැවත ලිවීම ආදි විවිධ අවස්ථා ගණනකින් පසුව අවසන් ප්‍රතිඵලය වෙත එළඹෙයි.


* සන්නිවේදනය විවිධාකාර වේ.

සන්නිවේදන වර්ග හා ස්වරූප පිළිබඳ ව අවධානය යොමු කිරීමෙන් ම එහි විවිධාකාර බව පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගත හැකි වේ. මේ එක් එක් සන්නිවේදන වර්ග හා ස්වරූප විවිධ වූ සන්දර්භයන්හි දී තවදුරටත් විවිධ වෙනස්කම් හා පරිවර්තනයන්ට භාජනය වන බව දක්නට හැක.පුද්ගලාන්තර සන්නිවේදනයට වඩා කණ්ඩායම් සන්නිවේදනය වෙනස් වෙයි. කථන සන්නිවේදනයට වඩා ලිඛිත සන්නිවේදන ස්වරූපය වෙනස් වෙයි. කථන සන්නිවේදන ස්වරූපය ආගමික සන්දර්භයක දී එක ආකාරයකටත් දේශපාලන සත්දර්භයක දි ඊට වඩා වෙනස් ආකාරයකටත් සිදු වෙයි.


තාක්ෂණයේ ආගමනයත් සමඟ පන්නිවේදනය වෙනස්කම් රැසකට බඳුන් වූ බව පැහැදිලිය. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය හැරුණු කොට අන් සියලු සන්නිවේදන වර්ග තාක්ෂණය නිසා කලින් කලට විවිධ පරිවර්තනයන්ට ලක් වීම වැළැක්විය නොහැකි සංසිද්ධියක් බවට පත් ව තිබේ.සංස්කෘතිය ද සන්නිවේදනයේ විවිධත්වයට හේතු වන වැදගක් සාධකයක් ලෙස සැලකිය හැකි වෙයි. රට රටවල විවිධ සමාජයන්හි පවතින විවිධාකාර සංස්කෘති හා උපසංස්කෘතීන්හි දක්නට ලැබෙන සන්නිවේදනය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල විවිධතා පිළිබඳ සොයා බැලීමෙන් මෙම තත්වය තේරුම් ගැනීමට පුළුවන.අනෙක් අතට, සංස්කෘතිය ද කාලයත් සමග වෙනස් වන්නකි. එහි වෙනස්කම්වලට අනුරූප වූ සන්නිවේදනයේ ද වෙනස්කම් ඇති විය හැකි ය.


*සන්නිවේදනය ඒක මාර්ගික මෙන්ම ද්වි-මාර්ගික වූවකි.

සන්නිවේදනය ගනුදෙනුවක් බව කීවෙමු. එනම් තොරතුරු ලබා ගැනීමක් කා ලබා දීමෙ යන කාර්යයන් දෙක ම එහි දී සිදු වේ. මෙම ගනුදෙනුවට සම්බන්ධ වන පාර්ශව දෙක ම ඊට සක්‍රිය ව දායක විමෙන් ඉහළ ප්‍රතිඵල අපේක්ෂා කළ හැකි ය. සන්නිවේදන අවස්ථා බහුතරයක් ද්වි-මාර්ගික තත්වයක් පෙන්නුම් කරන බව පෙනේ. එහෙත් ඉඳ හිට මීට වෙනස් වූ ඒක මාර්ගික සන්නිවේදනයන් සිදු වන අවස්ථා ද නැත්තේ නො වේ.


*සන්නිවේදනය බලය වේ.

දැනුම බලය වේ යන්න ප්‍රසිද්ධ කියමනෙකි, දැනුම යන්න බොහෝ දුරට තොරතුරු පදනම් කොට ගත්තකි. දැනුම උත්පාදනයට තොරතුරු සන්නිවේදනය මූලික වෙයි. ඒ අනුව සන්නිවේදනය දැනුම මත ගොඩනැගෙන බලයේ පදනම සන්නිවේදනය යි. අයනක් අතට බලය සහ නායකත්වය අතර ඇත්තේ අවියෝජනීය සබඳතාවකි. නායකයාට සිය කණ්ඩායමේ සහයෝගය අහිමි වූ දාට නායකත්වය අහිමි වෙයි. එනිසා නායකත්වය ලැබීමට හා එය රැක ගැනීමට සෙසු අයගේ පක්ෂපාතිත්වය අත්‍යවශ්‍ය වේ. ඊට අන් අයගේ එකගතාව, අනුමැතිය හා කැමැත්ත දිනා ගත යුතු ය. ඒ සඳහා නායකයා හොඳ සන්නිවේදකයෙකු විය. යුතු ය. පන්නිවේදනය බලය වන බව මෙහි දී ද තහවුරු වෙයි. ආගමික, අධ්‍යාපනික, දේශපාලනික, වාණිජ ආදී කවර ක්ෂේත්‍රයක වුව ද මෙම තත්ත්වය විද්‍යමාන වේ.



                 සටහන : සචීරා සත්සරණි 

                 ජන සන්නිවේදන අධ්‍යයන අංශය

                 කැළණිය විශ්වවිද්‍යාලය 

සමූහ සන්නිවේදනය හා මහජන සන්නිවේදනය

  සමූහ සන්නිවේදනය (Group Contiunication) * කිසියම් පිරිසක් හෙවත් සමූහයක් පොදු අරමුණක් ඇති වූ එකට එක් ව සිදු කරන සන්නිවේදනය සමූහ සන්නිවේදනය ය...